Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

මීන රාශිය

මීන රාශිය

මීන රාශිය මසුන් දෙදෙනෙකු දෙපැත්ත සිටින සේ පෙන්වා වලිග දෙකෙන් ඔවුන්ට වැඩිපුර වෙන් නොවී සිටින සේ පෙන්වා ඇත. දෙපැත්තටම හිස් දෙකක් සිටින සේ ඇඳ තිබෙන නිසා හිසින් හා පිටින් උදා වන රාශියක් ලෙස හඳුන්වා ඇත. තවද උභය රාශියකි. චර රාශියකි. ජල රාශියකි. මෙම රාශියෙන් උපන් පුද්ගලයන්,
  • ඉතා කරුණාවන්ත අයෙකි.
  • ඉවසන පුද්ගලයෙකි.
  • විශාල වරදකට වුවද සමාව දෙන අයෙකි.
  • පහසුවෙන් තෘප්තිමත් වෙයි.
  • කොයි කෙනෙකුගේ වුවත් අමාරු කරදරවලට පිහිටවෙන ගතියක් ඇත.
  • තමා කෙරෙහි තබන විශ්වාසය අඩු නොකරගන්නා මට්ටමෙන් වැඩ කරයි.
  • අන් අයගේ යහපතට කැප වෙයි.
  • ජීවිතය ගඟකට සමාන කල හැක.
  • ඕනෑම කාර්යයකදී මුලදී වේගවත් වන නමුත් මැදදී තැන්පත්ව කටයුතු කරයි.
  • විශ්වාසවන්ත අයෙකි.
  • කරන උදවු වලට ප්‍රති උපකාර බලාපොරොත්තු නොවෙයි.
  • බෙදා දෙනවා මිස රැස් කර ගැනීමට වුවමනාවක් නැත.
  • පුද්ගලික දියුණුව ඉතා හිමිහිට ලැබෙයි.
  • ගුණයහපත් අයෙකි.
  • අන් අයගේ අදහස් වලට ගරු කරයි.
  • අලුත් දෙයට ප්‍රිය ඇති කරයි.
  • සිත චංචල අයෙකි.
  • නිතර නිතර අදහස් වෙනස් කර අලුත් දේවල් වලට හිත පොළඹවයි.
  • සැමටම පක්ෂපාති වීමට උත්සහ ගනියි.
  • කුඩා කාලයේදී බොහෝ කඩිසර අයෙකි.
  • කුඩා කාලයේදී වයසට වැඩ අඩු පෙනීමක් ලැබෙයි.
  • වයස 30 න් පසු කඩිසර කම අඩුවෙයි.
  • එවිට වයසට වැඩ වැඩි පෙනීමක්, තැන්පත් පෙනුමක් ඇති කරයි.
  • විනෝදයට, ප්‍රීතියට තදින්ම ආශා කරයි.
  • හතුරෙකුට වුවද ද්‍රෝහී නොවෙයි.
  • දුර්වල අයට, රෝගීන්ට, අසරණයන්ට සත්තු සංග්‍රහ කරන්නේ ඉතා ප්‍රිතියෙනි.
  • තිරිසන් සතෙකුට වුවද ආදරය පෙන්වයි.
  • තම හිතේ ප්‍රීතිය පිණිස දාන මාන කටයුතු කරයි.
  • ජිවිතයේ මුල් කාලයේදී දක්ෂකමෙන් යුතුව දියුණු වෙන්නට මහන්සි ගනියි.
  • මෙම රාශියේ උභය ගතිය නිසා ඇතැම් විටෙක ලෝභ සහගත සිතුවිලිද මතු වෙයි.
  • ඇතැම් විට තම සහෝදරයෙකුටවත් උදවු නොකරන කෙනෙක් විය හැක.
  • අන් අයගෙන් වෙහෙස මහන්සි නොබලා වැඩ ගැනීමටද හැකි පුද්ගලයෙකි.
  • සැර පරුෂ වීමටද ඉඩ තිබේ.
  • වයස අවුරුදු 30 න් පසුව සිතේ විපර්යාසයක් ඇතිවෙයි.
  • වයස අවුරුදු 40 පමණ වන විට එහි ප්‍රතිපල බොහෝ දුරට දැකිය හැක.
  • ශරීරය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු වෙයි.
  • තරමක් ලොකු ඇස් ඇත.
  • කොට අවයව ඇත.
  • මසින් පිරුණු ඇඟක් හා මුහුණක් ඇත්තෙකු වෙයි.
  • පිටි පතුල් ඉදිමීම, ලේ අඩුකම, රක්තානු අඩුකම, සෙම් රෝග අසනීප ලෙස සැදෙයි.

No comments:

Post a Comment