Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

කුම්භ රාශිය

කුම්භ රාශිය

කළයක් අතින් ගත් පිරිමියෙකුගේ රූපයකින් කුම්භ රාශිය හඳුන්වා තිබේ. පුරුෂයාගේ හිස පළමුව උදා වන සේ පෙන්වා ඇති නිසා මෙම රාශිය හිසින් උදා වන රාශියක් ලෙස හැඳින්විය හැක. තවද මෙම රාශිය තිර රාශියකි.වායු රාශියකි.මනුෂ්‍ය රාශියකි. මෙම රාශියෙන් උපන් ජන්මියා,
  • ප්‍රවේශම් සහගත කෙනෙකි.
  • ඉවසන පුද්ගලයෙකි.
  • විරුද්ධවාදීන් ඇති කර නොගෙන කටයුතු කරයි.
  • අලුත් දේවල් එක විටම පිලි නොගනියි.
  • උස් මිටි කම් නොබලා කටයුතු කරයි.
  • මෙලොව දියුණුවට වඩා පරලොව දියුණුව ගැන සිතයි.
  • ස්ථිර ගතියත් පැද්දෙන ගතියත් දෙකම ඇති පුද්ගලයෙකි.
  • ක්‍රමානුකුල අයෙකි.
  • ගැඹුරු ගුප්ත දේවල් වලට කැමතිය.
  • ගැඹුරු අදහස් ඇත්තෙක් වෙයි.
  • කිසිවක් රැස් කර ගැනීමට ඕනෑ කියා අදහසක් නොමැත.
  • සැවොම එක සමාන අයිතිවාසිකම් ඇත්තන් ලෙස සිතයි.
  • එක තැනකට වී නිවී සැනසිල්ලේ සිටීමට වඩාත් ප්‍රිය කරයි.
  • නිහඬ පුද්ගලයෙකි.
  • ආත්ම දමනය කර ගත හැක.
  • නොයෙක් දේ දැන ගැනීමට ආශා කරයි.
  • මිනිසාගේ අභ්‍යන්තර සිතිවිලි ආදිය සෙවීමට උනන්දුවක් දක්වයි.
  • ආත්මාර්ථකාමී අඩුයි.
  • සෙමින් අදහස් පතල කිරීමට පුළුවන් අයෙකි.
  • යමක් ඉගෙන ගන්නවානම් උඩින් පල්ලෙන් ටික ටික ඉගෙන නොගනියි.
  • මිතුරු මිතුරියන් තෝරා ගැනීමට දන්නා අයෙකි.
  • බොහෝ කල් මිතුදම් පවත්වාගෙන යා හැක.
  • නිතර නිතර එක දෙයක් ගැනම සිතයි.
  • කරන දේ අමතක නොකර තබා ගනියි.
  • සැඟවී තිබෙන දේ සොයා ගැනීමට උත්සුක වෙයි.
  • කරන කාර්යයකට හිත කය දෙකම වෙහෙසා වැඩ කරන අයෙකි.
  • ස්ථිර අදහස් ඇත.
  • ආගම දර්ශනය පිලිබඳ දැනගැනීමට ආශා කරයි.
  • ආඩම්බර නැත.
  • දිගටි මුහුණක් ඇති අහිංසක පෙනිමකින් යුක්ත වෙයි.
  • යමකට එක විටම ඉදිරිපත් නොවෙයි.
  • බලපුළුවන්කාර කමක් නොපෙන්වයි.
  • කකුල්වල අස්වටයේ අමාරු, හදවත හරි ආකාරයෙන් ක්‍රියා නොකිරීම, හමේ අමාරු, ඇස්වල අසනීප ඇති විය හැක.

No comments:

Post a Comment