Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

මකර රාශිය

මකර රාශිය 

ඉදිරිපස කොටස මුවෙකුට සමානවද පසුපස පෙදෙස මෝරෙකුට සමනවද මෙම රාශිය තුලින් පෙන්වයි. පසු කොන මුලින් උදාවන සේ යොදා තිබෙන නිසා මෙම රාශිය පිටින් උදා වන රාශියකි. තවද චර රාශියකි. පඨවි රාශියකි. මෙම රාශියේන් උපන් පුද්ගලයන්,
  • බලය ලබා ගැනීමට ආශා කරයි.
  • රැස් කර ගැනීමට ආශා කරයි.
  • දෙලොව දියුණුව ගැනම සැලකීමෙන් යුතුව සිතයි.
  • තමාගේ බැරි දුර්වලකම් පිටට නොපෙන්වයි.
  • සිතේ චංචල ගතියක් ඇත.
  • දිනන විට ඉදිරියට යන ගතියක් ඇත.
  • නමුත් පරදින විට පසු බැස යයි.
  • සිතුවිලි ස්ථිර නොවන ගතියක් ඇත.
  • අතට ලැබෙන තුරු යමක් නොලැබී යාදෝ යි යන භයක් ඇති කර ගනියි.
  • වැඩපල වලට ප්‍රිය වෙයි.
  • දුක් කරදර, වෙහෙස මහන්සිය නොලබා කටයුතු කරගෙන යාමට හැකියාවක් ඇත.
  • වැවිලි කටයුතු වලට ආශා වෙයි.
  • අන් අය කෙරෙහි දැඩි විශ්වාසයක් නොතබයි.
  • එනිසාම මිතුරන් අඩු වෙයි.
  • කතා කරනවාට වඩා වැඩපල කිරීම උසස් කොට සලකයි.
  • නිකරුනේ කාලය ගෙවනවාට කැමති නැත.
  • බැරි දුර්වලකම් සඟවාගෙන තම දක්ෂතා පෙන්වයි.
  • ධනයට ආශා වෙයි.
  • පාලනය කිරීමට හා වැඩ ඇරඹීමට ශක්තිය ඇත.
  • කරන වැඩ පිළිබඳව දිවා රාත්‍රී වෙනසක් නොමැතිව වැඩ කරයි.
  • අත්දැකීම් අනුව කටයුතු කරයි.
  • ඉගෙනීමට ආශා කරයි.
  • එහෙත් පොත පතේ ඇති දෙයට වඩා වෙනස් ලෙස නොසිතයි.
  • කතාවට දක්ෂ වෙයි.
  • නමුත් කතාව ක්‍රමානුකුල නැත.
  • අය වැය ගැන බලා වැඩ කරයි.
  • පාඩු වන අන්දමේ කිසිවක් කිරීමට කැමති නැත.
  • අන් අයට යමක් නිකන් දීමට අකමැති අයෙකි.
  • තමාට අපහසු අවස්ථා වලදී වුවද අන් අයගෙන් උදවු ඉල්ලීමට අකමැතිය.
  • නමුත් හිතවත් අයට එවැනි අවස්ථා වල දී උදවු කරයි.
  • මූලිකත්වය ගෙන කටයුතු කරයි.
  • පෙනුමට ඔපයට එතරම් කැමැත්තක් නොදක්වන්නා සේ පෙන්වුවත් ඒවාට ආශා කරයි.
  • දුක් කරදර විඳීමට පුළුවන් කම ඇත.
  • තමාට අවාසි වන දේ නොකරයි.
  • වෙළඳ ව්‍යාපාර වලට ඉතා දක්ෂයෙකි.
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් උසින් අඩු වෙයි.
  • මුහුණේ රැවුල අඩුය.
  • නෙරා ගිය ඇට ඇත්තකු වීමටද ඉඩ ඇත.
  • ඕනෑවට වඩා වැඩ කරයි.
  • හිතේ දියුණුව උසස් කොට නොසලකයි.
  • ලෝභ අයෙකි.
  • ආත්මාර්ථකාමී අයෙකි.
  • එක දෙයක් ගැන වැඩිපුරම හිතයි.
  • එනිසාම වැදගත් දේවල් නොසලකා හරියි.
  • දණහිස් වල, හමේ අමාරු, ලාදුරු රෝග ලෙස ඇති වෙයි.
  • හරි ආකාරව ලේ ගමන් නොකිරීම, මලානික ස්වභාවය, බඩේ කැක්කුම් සහිතව වැඩිපුර මලපහ වීම රෝග ලෙස ඇති වෙයි.

No comments:

Post a Comment