Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

ධනු රාශිය

ධනු රාශිය

ඉන ප්‍රදේශයෙන් ඉහල අශ්වයෙකුගේ රුපයකින්ද පහල දුන්නක ඊතලයක් දමා විදින්නට සැරසී සිටින්නාවූ පුරුෂ රූපයකින් ද ධනු රාශිය පෙන්වා දී තිබේ. මෙම රාශිය පිටින් උදා වන රාශියක් හෙයින් අශ්වයාගේ පිටුපස පෙදෙස පළමුවෙන් උදා වන සේ සටහන් කර ඇත. මෙම රාශිය උභය රාශියකි. ගිනි රාශියකි.මෙම රාශියෙන් උපන් පුද්ගලයන්,
  • කරුණාවන්ත අයෙකි.
  • උද්යෝගිමත් අයෙකි.
  • සටනට පෙළඹෙන ගතියක් ඇත.
  • යුක්තියට ඉතා ලැදි වෙයි.
  • විටෙක ප්‍රවේශම් මෙන්ම විටෙක අප්‍රවේසම් ගතියකුත් ඇත.
  • කිසිවක් උඩින් පල්ලෙන් නොකරන අයෙකි.
  • කරන දේ හරියටම කරයි.
  • සුළු දේවල් වලට සටන් නොකරයි.
  • තමා සතු දැනුම විහිදුවා ලීමට ආශා කරයි.
  • ඉවසීම ඇත.
  • ප්‍රවේශම් සහගතයි.
  • හරි දෙයට හරි යයිද වැරදි දෙයට වැරදි යයිද කීමට මැලි නොවෙයි.
  • ප්‍රීතියෙන් අන් යට උදවු කරයි.
  • අවංක අයෙකි.
  • විශ්වාසවන්ත අයෙකි.
  • තරුණ වයසේ වයසට වඩා වයස පෙනෙයි.
  • වයස 40 න් පසු වයසට වඩා අඩු වයසක් පෙනෙයි.
  • විටෙක තරහ ඉවසන්නේ නැත.
  • උසස් අදහස් නැත.
  • පරලොව දියුණුව ගැන සිතයි.
  • පටන් ගත දෙයක් අවසන් නොකර නවත්වන්නේ නැත.
  • නීතියට බොහෝ සෙයින් ගරු කරයි.
  • අන් අයව රැවටීමට නොසිතයි.
  • ආගමට දර්ශනයට න්‍යායට ආශා කරයි.
  • පිට ඔපයට ඇඳුම් පැළඳුම් වලට ගරු නොකරයි.
  • හදිසි තීන්දු ගනියි.
  • එම හදිසි තීන්දු බොහෝ විට හරි යයි.
  • චාම් නිහතමානී කෙනෙකි.
  • නිදහසට ගරු කරයි.
  • සමාජයේ කියන කරන දේ පාඩමක් ලෙස ගනියි.
  • වැඩ කිරීමෙහි දක්ෂ වෙයි.
  • වැඩ අවුල් කර නොගනියි.
  • ව්‍යායාම් වලට ප්‍රිය වෙයි.
  • පළල් නළලකින් යුත් උස ශරීරයකින් යුක්ත වෙයි.
  • ශක්තිමත් කෙනෙකි.
  • අන් අය කෙරෙහි විශ්වාසය තැබීමට කල් ගනියි.
  • අනුන් නිසා කරදර වලට මුහුණ පායි.
  • කලවා හා ඉඟටියේ අමාරු, රක්ත වාතය, ශරීරයේ නියම පැවැත්මට බාධාවක් වන අමාරු සැදෙයි.

No comments:

Post a Comment