වෘශ්චික රාශිය
ගෝනුස්සෙකුගේ රූපයකින් වෘශ්චික රාශිය පෙන්නුම් කරයි. ගෝනුස්සාගේ කට කොන පළමුව උදාවන සේ දක්වා ඇත. එනිසා එය හිසින් උදාවන රාශියක් ලෙස හැඳින්වේ. තවද ස්ත්‍රී රාශියකි. චර රාශියකි. තිර රාශියකි. ජාල රාශියකි. මෙම රාශියෙන් උපන් අය
- කෙනෙකුට කතා කිරීමට නොදී මුල් අවස්ථාවේදීම විරුද්ධත්වය පාන අයෙකි.
- දිරිය නැති කර නොගනී.
- තද ගතියක් ඇති අයෙකි.
- එහෙත් කරුණාවද ඇති කෙනෙකි.
- ඕනෑම දෙයක් එතරම් ගනං නොගන්න ගතියක් ඇත.
- වේගවත් සිතුවිලි ඇත.
- දක්ෂ අයෙකි.
- අන් අයගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙයි.
- හිතවත් යට බෙහෙවින්ම හිතවත් වෙයි.
- ගන්නා තීන්දු වෙනස් නොකරයි.
- නරකම කෙනෙක් සමඟ හිතවත් වුවහොත් ඔහුවත් සුමගට ගනියි.
- ඇත්ත නැත්ත කියා නොබලා කේන්ති ගනියි.
- පෙනීමට ඔපයට සිටීමට ප්‍රිය වෙයි.
- නිතර වැඩ කරන අයෙක් නොවෙයි.
- වැඩ කටයුතු අන්තිම මොහොත තෙක් කල් දමයි.
- බාධා කරදර ගණන් නොගනියි.
- අවංක අයෙකි.
- බිය නැත.
- මදක් ආඩම්බර අයෙකි.
- කොයි දෙයක වුවත් වැරදි අඩුපාඩු දකියි.
- ඒවා පෙන්වා දීමට ගොස් අන් අය සමග තරහ වීමට සිදු වෙයි.
- සිතීමට වඩා වැඩ කිරීමට දක්ෂ වේ.
- ගුප්ත ශාස්ත්‍ර වලට ආශා කරයි.
- වැඩකට නැති බොරු කතා වලට කන් නොදෙයි.
- වැඩිපුර මිල මුදල් රැස් කිරීමට උත්සුක නොවෙයි.
- රහසේ යමක් කරනවා නම් ඉතාම රහසේ එම වැඩය සිදු කරයි.
- හැකි සැම විටම එළිපිට කරයි.
- කියන දේ මුහුණටම කියයි.
- සාමාන්‍ය උසක් ඇත.
- කඩිසර පෙනුමක් ඇත.
- රැලි ගැසුණු කෙස් ඇති අයෙක් වෙයි.
- මුත්‍ර බොක්කේ, දරු බොක්කේ අමාරු සැදේ.
- බලවත් වේදනා ඇති කරන රෝග හදිසියේම සැදෙයි.
No comments:
Post a Comment