Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

තුලා රාශිය

 තුලා රාශිය



තරාදියක් අතින් ගත් පිරිමි රූපයකින් මෙම රාශිය පෙන්නුම් කරයි. එහි හිස පළමුවෙන් උදා වන සේ දක්වා තිබෙන නිසා මෙම රාශිය හිසින් පටන් ගන්නා රාශියක් ලෙස හැඳින්වේ. චර රාශියකි. මනුෂ්‍ය රාශියකි. වායු රාශියකි. මෙම රාශියෙන් උපන් පුද්ගලයන්,
  • තීන්දුවක් ගැනීමට අපහසු චංචල සිත් ඇති අයෙකි.
  • එහෙත් අවසාන මොහොතේදී එම ගත් තීන්දුව අනුව එඩිතරව සමාදානයත් ආරක්ෂා කරගෙන කටයුතු කරයි.
  • උස් පහත් බේදයක් නොසලකා සහෝදරත්වයෙන් කටයුතු කරයි.
  • අන් අයගේ මත ගැනද වාසි සහ අවාසි ගැන දුරදිග හිතයි.
  • බොහෝ දෙනා අතර මිතුරු කම් ඇති කර ගනී.
  • සාමදානව යුක්තිගරුකව ජිවත් වීමට උත්සුක වේ.
  • එක පැත්තක් ගැනීමට අසීරු අයෙකි.
  • අන් අයට ප්‍රියමනාප ගතියක් ඇති අයෙකි.
  • ඕනෑම අදහසක් විශාල වශයෙන් පැතිරවිය හැක.
  • එවැනි විටකදී පුද්ගලික සැප පහසුකම් වුවත් අන් අයට කැප කරයි.
  • එවැනි අවස්ථා වලදී අන් අය තවත් පැහැදෙයි.
  • සැර පරුෂ නොවෙයි.
  • සමාජයට හිතවත් වෙයි.
  • හිතේ උසස්කම ඇති කරයි.
  • කලබල ගතියක් නැත.
  • කරන වැඩ රාජකාරි හොඳින් පිරිසිදුව කරයි.
  • කිසිවෙකුට ද්‍රෝහී කමක නොකරයි.
  • මිහිරි මෘදු ගතියක් ඇත්තෙක් වෙයි.
  • සමාජය උසස් ලෙස පෙනී සිටීමට හැකි වෙයි.
  • ආත්මාර්ථකාමී ගතිය අඩුයි.
  • විනෝදයට ප්‍රිය වෙයි.
  • ලියන අකුරු වුවද ලස්සනට ලිවීමට උත්සහ කරයි.
  • කලාත්මක වැඩපල වලට ආශා වෙයි.
  • දේශපාලනයට ප්‍රිය අයෙකි.
  • වෙළඳ ව්‍යාපාර කිරීමට දක්ෂ වෙයි.
  • තනිව මුල්ලකට වී සිටීමට අකමැති අයෙකි.
  • අනුන් ගැන වැඩිපුර හිතයි.
  • ස්වභාවික සුන්දරත්වයට හා එහි අලංකාරයට ඉතා ආශා කරයි.
  • මුළු සමාජයටම ආදරය කරයි.
  • හොඳට වැඩුණු සිරුරක් ඇත.
  • තරමක් උස අයෙකි.
  • ප්‍රියමනාප ඇති කෙනෙක් වෙයි.
  • මැදි වයසෙන් පසුව හිසකෙස් අඩු කරවයි.
  • මුත්‍ර බොක්කේ ගල් සෑදීම, මුත්‍ර අමාරු, වකුගඩුවල අසනීප, වාත රෝග අසනීප ලෙස සෑදිය හැක.

No comments:

Post a Comment