Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

කන්‍යා රාශිය

 කන්‍යා රාශිය




හැල් කරල් මිටියක් එක අතකින්ද, පහනක් අතින්ද ගත්තා වූ නැවකින් යන කාන්තා රූපයකින් කන්‍යා රාශිය හඳුන්වයි. ස්ත්‍රියගේ හිස පළමුව උදාවන සේ සකස් කර තිබෙන නිසා එය හිසින් උදා වන රාශියකි.උභය රාශියකි.මනුෂ්‍ය රාශියකි.පෘථිවි රාශියකි.
  • විසඳීමේදී දක්ෂ ඥානය ඇත.
  • ඇතුලෙන් භය ගතියක් ඇත.
  • නමුත් පිටින් එඩිතර ගතියක් පෙන්වයි.
  • ප්‍රවේශම් ගතියක් ඇත.
  • සුළු දේවල් අමතක කරන ගතියක් ඇත.
  • ගෙදරට හිතවත් වෙයි.
  • ක්‍රමානුකුල වෙයි.
  • නැවත නැවත එකම දේ ගැන සොයා බැලීමක් ඇති කරයි.
  • ස්ථිර බවක් නැත.
  • එනිසාම එකම මගක ගමන් නොකර තව තවත් මග වල ගමන් කිරීම නිසා නුවණ වැඩි කර ගත හැක.
  • තරමක් ලෝභ වෙයි.
  • මිනිසා ගැනත් මිනිස් ජීවිතය ගැනත් අවබෝධයක් ඉබේම වගේ ඇති කරයි.
  • සකසුරුවම් වෙයි.
  • පිළිවෙලකට බඩු බාහිරාදිය සකස් කර ගැනීමටත් ආශා කරයි.
  • ඉක්මන්කාරී වෙයි.
  • සුළු දේවල් ගැන ඕනවට වඩා උනන්දු වීම නිසා ලොකු දේවල් වලින් පාඩු විඳීමට සිදුවන අවස්ථා ඇති වේ.
  • අසනීප ගැන වුවත් බයක් හිතේ ඇති කරයි.
  • ලිවීමට කියවීමට පොත පතට හෝ වැවීමට ආශා ඇති කරවයි.
  • වැඩි දෙනෙක් ආශ්‍රය කිරීමට හැකි වන්නේ කවුරු කොයි දේ කිව්වත් හොඳින් ඇහුම්කන් දෙන නිසාය.
  • ඉගෙනීමට ආශා වෙයි.
  • විස්තර දැන ගැනීමට ආශා වෙයි.
  • විස්තර ඇතිව අදහස් ප්‍රකාශ කිරීම ආදිය ඇති කරයි.
  • ඥානය දියුණු කරයි.
  • වයස අවුරුදු 30 වන තුරු වයසට වඩා අඩු වයසක් පෙනෙයි.
  • වයස අවුරුදු 40 න් පසු වයසට වඩා වැඩි වයසක් පෙනේ.
  • ඉක්මන්කරකම නිසාම වැඩ වරද්දා ගන්න අවස්ථාද නැත්තේ නොවෙයි.
  • තමා කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි.
  • ලෙඩරෝග වලට සතුරන්ට ඕනවට වඩා භය වෙයි.
  • ආහාරය ගැනද සාමාන්‍ය අයට වඩා සිත පොළඹවයි.
  • තමාටත් නිතරම වගේ කෑම වුවමනා කරයි.
  • අනුන්ටත් කන්නට දීම අගය කොට සලකයි.
  • මිතුරු මිතුරියන් ආශ්‍රයට ප්‍රිය කරයි.
  • මිත්‍ර කම් කල් පවත්වා ගත හැක.
  • සුරතලට ඇති කර සතුන්ටත් ගව මහීෂාදීන්ටත් ආශා කරයි.
  • බොරු ආඩම්බරයක් නැත.
  • හිත හිතා කාලය ගෙවා නොදමයි.
  • හිතනාවක් මෙන් වැඩ කටයුතු කරයි.
  • සිනා සී ජිවත් වීමට උත්සාහ කරයි.
  • අන්‍යන්ට අප්‍රිය නොවන සේ කතා කිරීමට හැකියාවක් ඇත.
  • ඇත්තට ගරු කරයි.
  • සාමාන්‍ය උස ප්‍රමාණය හෝ ඊට වැඩ මදක් උස වෙයි.
  • මුහුණත් නළලත් රවුම් වේ.
  • ඉක්මනට ඇවිදියි.
  • විහිදී යන කට හඬක් ඇත.
  • එක දෙයක් ගැන නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීම මගින් පාඩු සිදු විය හැක.
  • මන්ද පෝෂණය, නහර දුර්වලතාවය, බඩේ අමාරු ගතිය, ආමාශයේ රෝග ඇති විය හැක.

No comments:

Post a Comment