Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

සිංහ රාශිය

 සිංහ රාශිය



මෙම රාශිය සිංහයෙකුගේ රූපයෙන් හඳුන්වා දී උගේ ඔළුව පළමුව උදාවන සේ පෙන්නා ඇත. එනිසා එය හිසින් උදාවන රාශියකි. ගිණි රාශියකි. තිර රාශියකි.
  • තිබෙන දේ ආරක්ෂා කර ගැනීමට කැමතියි. 
  • පැවතී එන දේට එලෙසම ගරු කරයි. 
  • ආත්ම විශ්වාසය ඇති අයෙකි.
  • ප්‍රධානත්වයට ආශාවක් දක්වයි.
  • සටන් කිරීමට පෙළඹුණහොත් අන්තිම අවස්ථාවේදීවත් යටත් නොවෙයි.
  • හරි හෝ වැරදි හෝ වේවා කරන කියන දේවල් වල ඇති වටිනාකම පෙන්වීමට කැමතියි.
  • සටන් කරන්නෙකු සේ පෙන්වා හැකි තරම් දුරට සටන් නොකරයි.
  • බැස ගත තීන්දුව වෙනස් නොකරයි.
  • තද ස්ථිර ගතියක් ඇති කරයි.
  • එනිසාම කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙයි.
  • අදහස් ආදියට පක්ෂපාත නම් ඉතා හිතවත් වෙයි.
  • උද්යෝගිමත් අයෙකි.
  • ආඩම්බර කෙනෙකි.
  • ඕනෑම අමාරු වැඩක් කිරීමට භාර ගනී.
  • ආදරය කරනවානම් ඇත්තටම ආදරය කරයි.
  • තමාගේ කටයුතු ගැන අන්‍යයන් ඇඟිලි ගසනවාට කැමති නැත.
  • තම දරුවන් ගැන හෝ සහකරුවා ගැන හෝ කිසිවෙක් ඇද පලුදු කියන්නට ගියොත් ඔහු පන්නා ගනී.
  • රාජපාක්ෂික වෙයි.
  • තිබෙන ආණ්ඩුව කුමක් වුවත් ඊට විපක්ෂව නොයයි.
  • සිහිකල්පනාවෙන් වැඩ කරගෙන යා හැක.
  • නිතරම වෙහෙස වීමට කැමති නැත.
  • වැඩ කරන විට වෙන දෙයක් ගැන නොබලා කටයුතු කරයි.
  • විවේකය අවශ්‍ය වෙයි.
  • කෑම අවශ්‍ය විට හොඳට රසවත්ව කන්න පුළුවන් වෙයි.
  • විපත්ති මැඩගෙන මතුවී සිටීමට හැකි වේ.
  • තේජවන්ත පෙනුමක් යුත් කෙනෙකි.
  • කිසිවෙකුගේ අදහසට කන් නොදෙයි.
  • හර්දයේ හා කොඳු ඇටයේ අමාරු ඇති කෙනෙකි.
  • ශරීරයේ උෂ්ණ ගතිය ඇත.

No comments:

Post a Comment