කටක රාශිය
මෙම රාශිය කකුලුවෙකුගේ රුපයෙන් හඳුන්වා ඇත. කකුළුවාගේ පස්ස පළමුව උදාවන සේ යොදා ඇත. චර රාශියකි. ස්ත්‍රී රාශියකි. මෙම රාශියෙන් උපන් ජන්මියා
- දුරදීම විපතට බය වෙයි.
- වැඩි පරිස්සම සහිතයි.
- හිතේ නිතර නිතර උස පහත් වන ගතියක් ඇත.
- එනිසා ඉදිරියට ගියත් සටන් නොකර සමාදානයෙන් කටයුතු කරයි.
- ගෙදර දොරට හිතවත් වෙයි.
- ඉවසිල්ල අඩුයි.
- තරහ වැඩි වෙලාවක් පවතින්නේ නැත.
- ජල රාශියකි.
- වතුරෙහි තිබෙන චංචල ගතිය ඇත.
- සිතුවිලි උස පහත වෙයි.
- භය ඇති කෙනෙකි.
- එහෙත් යම් අවස්ථා වල නිර්භීත, එඩිතර, ගතියක් ද ඇත.
- සාරවත් අදහස් ඇති කරයි.
- එකම අදහසක් බදාගෙන සිටිය නොහැක.
- සාර්ථක මාර්ග සොයා ගනී.
- ගුප්ත කමක් ද ඇත.
- වැඩ කටයුතු වලට දක්ෂ වෙයි.
- හිත දියුණු වන දේවල් පිළිබඳවද දක්ෂ වෙයි.
- කරුණාව, අනුකම්පාව ඇති කෙනෙකි.
- සිතිමට බොහෝ දක්ෂ වෙයි.
- අන් අයගේ අදහස් ගැන සිතා බලයි.
- සමහර විට ඒවාට ගරු කරයි.
- කඩිසරයි.
- වෙන්නට තිබෙන දේ කල් ඇතිව දැන ගැනීමේ ශාස්ත්‍ර වලට ප්‍රිය වෙයි.
- සකසුරුවම් අයෙකි.
- ගණනට වියදම් කරයි.
- ඇතැම් විට පරිස්සම් සහගත ගතියට පයින් ගසයි.
- ඉක්මන් කාරයෙකි.
- විශාල දේ කිරීමට සිතයි.
- අනුන්ගේ විපතේදී වුවත් තදින් කම්පා වෙයි.
- අන් අයගේ දියුණුවට උපකාර කරයි.
- නමුත් තමන්ගේ දියුණුව ගැන එතරම් උත්සහ නොකරයි.
- නිතරම කතාවට ප්‍රිය වෙයි.
- හිතට එන දේ කටින් පිට කිරීමට ආශා කරයි.
- ආගමික ප්‍රතිපත්ති වලට වඩා ආගමික උත්සව වලට ප්‍රිය කරයි.
- උස සාමාන්‍ය වෙයි.
- තරමක් ආත්මාර්ථකාමී වෙයි.
- නිතර බඩේ අමාරු, බඩ පිපුම, අමාශයේ අසනීප, සෙංගමාලය වැනි රෝග සැදේ.
No comments:
Post a Comment