මිථුන රාශිය
වීණාවක් අතින් ගත් ස්ත්‍රියක් හා යගදාවක් අතින් ගත් පුරුෂයෙක් ද සිටින ලෙස මෙම රාශිය හඳුන්වා ඇත. හිස පළමුවෙන් මතුවන ලෙස යොදා ඇති නිසා මෙය හිසින් උදා වන රාශියක් ලෙස හැඳින්වේ. තවද මෙම රාශියෙන් උපන් ජන්මියා
- පොත පතට ගායනයට වාදනයට ප්‍රිය වෙයි.
- එඩිතර වෙයි.
- උද්යෝගිමත් වෙයි.
- සිතේ වෙනස් වෙන ගතියක් ඇත.
- ඥානවන්ත වෙයි.
- කතාවේදී බොහෝ දේ දන්නා බව පෙන්වයි.
- එහෙත් කතාවට එතරම් කරුණු ඔප්පු කිරීමට දක්ෂ නැත.
- උභය රාශියක් වේ.
- තරුණ වයසේදී වයසට වඩා වැඩිමහලු ගතියක් පෙන්වයි.
- වයසට යන විට තරුණ කමක් පෙන්වයි.
- මනුෂ්‍ය රාශියකි.
- මිනිසා පිළිබඳවත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳවත් මනා අවබෝධයක් ඇත.
- හොඳ සාමාන්‍ය දැනීමක් තිබේ.
- සම්බන්ධකම් ඇති කර ගන්නා කෙනා වෙනුවෙන් කරදර, වියහියදම් දැරීමට සිදු වේ.
- චිත්‍ර කර්මයට, කැටයම් කලාවටද දක්ෂ වේ.
- වැඩක් අවසන් කිරීමට පටන් ගත්තත් ටික දුරක් යන විට අදහස වෙන අතකට හරවයි.
- නැතිනම් එය නවතා දමයි.
- අදහස් වෙනස් කරයි.
- එක දෙයක් පිළිබඳව දිගටම කල්පනා නොකරයි.
- සෑම දෙයක් ගැනම ටිකක් වත් ඉගෙන ගනියි.
- ආදරය, අනුකම්පාව ඇති අයෙක් වෙයි.
- කිසිවෙකුට මුහුණට විරුද්ධ විය නොහැක.
- හරි මොහොතේදී උවමනා දේ කිරීමට හැකියාව ඇත.
- නොයෙක් දේ ගැන සිතිය හැක.
- නන්නාදුනන අය සමඟ පහසුවෙන් මිතුරු වෙයි.
- එහෙත් වැඩි කලක් ඒ මිතු දම පවත්වාගෙන නොයයි.
- මුහුණ දිගැටිය.
- තරමක් උස ශරීරයක් ඇත.
- දිගු නාසයක්, දික් වූ අත් හා ඇඟිලි ඇත්තකු වෙයි.
- ඇවිදීමට ප්‍රිය වෙයි.
- ළඟ සිටින අයව පහසුවෙන් තමන්ට වුවමනා අන්දමට හැඩගස්වා ගනී.
- විවේක නොගනී.
- නොඉවසිලිමත් අයෙකි.
- අත්වල අමාරු, සෙම අමාරු, පපුවේ උඩ කොටසේ අමාරු, නියුමෝනියාව, ඇදුම, කාශ රෝගය සැදීමට ඉඩ ඇත.
No comments:
Post a Comment