වෘෂභ රාශිය
වෘෂභ රාශිය වෙනුවෙන් දක්වා තිබෙන්නේ ගෝනෙකුගේ රූපයකි. එයද පිටින් උදා වන රාශියකි. එසේ වන්නේ ගොනාගේ පිටුපස පෙදෙස පළමුවෙන් මතුවෙන බව පෙන්වන නිසා වේ. තවද මෙම ලග්නයෙන් උපන් ජන්මියා- ඉතා තද ස්ථිර ගතියක් පෙන්වයි.
- චංචල වීමට කැමති නැත.
- වැඩිපුර හිතන්නේ නැතිව වැඩ කටයුතු කරයි.
- සුළු දේවල් පවා හිතේ තබා ගෙන උවමනා වෙලාවට ඉදිරිපත් කරයි.
- ඉක්මන් නැත.
- කරන වැඩ නොවරදින සේ කරයි.
- ඉක්මනින් තරහ වෙන්නේ වත් හොද වන්නේ වත් නැත.
- තරහ පිරිමසා ගැනීමට කරන දේවල් පවා නොකිරීමට පසුබට නොවේ.
- අදහස් වෙනස් නොකර එකම දේ කරන නිසා එතුලින්ම දියුණුවට පත් වේ.
- පොළවට, ගස්කොලන් වලට, වැවිලි ආදියටත් මල් වලටත් ආශා කරයි.
- විනෝදයට, සැපයට, අලංකාරයට ආශා වෙයි.
- ප්රතුවි රාශියකි.
- තිර රාශියකි.
- ලග්න 12 න් ස්ථිරම රාශිය ලෙස හැදින්වේ.
- කලබල නොවෙයි.
- තීන්දු වෙනස් නොකරයි.
- මිල මුදල් පරිස්සමෙන් වියදම් කරයි.
- මුදල් ගැනත් ගෙදර දොර ජීවිතය ගැනත් තද සැලකිල්ලක් දක්වයි.
- කරුණු සහිතව අදහස් ඉදිරිපත් කර කතා කරයි.
- ඔප්පු කරන්න බැරි දෙයක් කතා නොකරයි.
No comments:
Post a Comment