Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

මේෂ රාශිය

                                                             මේෂ රාශිය

මේෂ රාශිය එළුවෙකුගේ රූපයෙන් හඳුන්වා තිබේ. එළුවාගේ පිටුපස පෙදෙස නැගෙනහිර දිශාවට සිටින සේ සටහන් කර ඇත. එනිසා එම රාශිය පොළවෙන් මතු වන විට එළුවාගේ පිටුපස පෙදෙස මුලින් මතු වෙයි. එනිසා මේෂ ග්‍රහයා පිටින් උදා වන රාශියක් බව පෙනී යයි. චර රාශියකි. ගිනි රාශියකි. තවද මෙම රාශියෙන් උපන් පුද්ගලයන්,
  • පුරුෂ ගති ඇත.
  • උද්යෝගිමත් පුද්ගලයෙකි.
  • වැඩ කටයුතු අතපසු නොකරයි.
  • සිතුවිලි චංචල ස්වභාවයක් පවතී.
  • එනිසා තීක්ෂණ කම, කඩිසර බව, ඇතිවේ.
  • නිර්භයව හිතෙන දේවල් කිරීමට ඉදිරිපත් වෙයි.
  • මමත්වය ඇත.
  • නිතරම ජයග්‍රහණය සොයන පුද්ගලයෙකි.
  • සටනක් නැතිව පැරදීමට කැමති නැත.
  • එසේ වුවහොත් සටනක් ඇති කර හෝ ජය ගැනීමට සිතයි.
  • සෑම දෙයක්ම මුලින් සොයා ගැනීමට ආශාවක් ඇත.
  • තමාට පක්ෂපාත වන අයට බොහෝ හිතවත් වේ.
  • තද කාම ආශා ඇත්තෙකි.
  • එනිසාම විවාහ සහකරුට හෝ සහකාරියට යටත් වෙයි.
  • සහකරුගේ අදහස් ගැන ඉතා සැලකිලිමත් වෙයි.
  • ශරීරය එතරම් මහත් නොවෙයි.
  • ශක්ති සම්පන්න වෙයි.
  • ආඩම්බර වෙයි.
  • තමා ගැන බලවත් විශ්වාසයක් තබයි.
  • කෙලෙහිගුණ සලකයි.
  • නිතර නිතර කෑම බීම අවශ්‍ය වෙයි.
  • ගමන් බිමන් යාමට ආශා කරයි.
  • තමාගේ දුර්වලකම් අන් අයට නොපෙන්වයි.

No comments:

Post a Comment