Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

ක ච ට ත ප වර්ග

නම් තැබීම


සාමාන්‍යයෙන් උපන් නැකතට අනුව උපදින ජන්මියාට නමක් තැබීම සිරිත වෙයි. නමුත් උපන් නැකතට ගත් අක්ෂරය හිමි ග්‍රහයා කේන්දරයේ ශුභ ලෙස සිටීද අශුභ ලෙස සිටියිද යන්න අද කාලයේදී සොයා බලන්නේ ඉතා අඩුවෙනි. මේ හේතුවෙන් නැකතට අදාලව අක්ෂරයක් තෝරා ගැනීමේදී එම අක්ෂරය හිමි ග්‍රහය කේන්දරයේ අශුභ නම් එහි දුර්විපාක එම ජන්මියට ලැබෙයි.

ඒ ඒ ග්‍රහයාට අයිති අකුරු පිළිබඳව දඹදෙණි යුගයේදී පල කල දෛවඥ කාම ධේනුව නම් පොතෙහි දක්වා ඇත.


ක ච ට ත ප වර්ග
  • "ක" වර්ගයට අයිති අකුරු කුජට හිමි වෙයි.
  • "ච" වර්ගයට අයිති අකුරු සිකුරුට හිමි වෙයි.
  • "ට" වර්ගයට අයිති අකුරු බුධට හිමි වෙයි.
  • "ත" වර්ගයට අයිති අකුරු ගුරුට හිමි වෙයි.
  • "ප" වර්ගයට අයිති අකුරු ශනිට හිමි වෙයි.
  • "ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ" ආදී අක්ෂර චන්ද්‍රයාට හිමි වෙයි.
  • "අ, ඉ, උ, එ, ඔ" යන අක්ෂර රවිට හිමි වෙයි.

No comments:

Post a Comment